Wednesday, September 13, 2017

වායු දුෂණයට අපේ දායකත්වය - ගෘහස්ථ

                     
    වායු දුෂණයට අපේ දායකත්වය  - ගෘහස්ථ   


රථ වාහන සඳහා විමෝචන පරීක්ෂා සිදු කෙරන අතර දුම් බීම සම්බන්ධ නීති පනවා තිබෙනවා. ආහාර පිසීමේදී මෙන්ම අපද්‍රව්‍ය පිළිස්සීමේදීත් ( ප්ලාස්ටික්, පොලිතින් හැර ශාකමය ද්‍රව්‍ය පමණක් සලකා ) පරිසරයට සහ මිනිසාට හානිකර සංයෝග ගණනාවක් නිකුත් වෙනවා.


ගෘහස්තව නිකුත් කෙරෙන මේ දුමේ අඩංගු වෙන්නේ කාබන් මොනොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ් සහ ජලවාෂ්ප පමණක් නොවෙයි. ක්ෂුද්‍ර අංශු ( soot particles ) ඇතුළු දුෂක ගණනාවක් නිකුත් වෙනවා.


මේවායින් සිදුවෙන හානිය බොහෝවිට රථ වාහන වලින් සහ ද්විතික දුම් පානයෙන් (second hand smoking) සිදුවෙන හානියට වඩා ඉතා ඉහල බවයි පැවසෙන්නෙ. දුම් පානයේදී වගේම ශාකමය ද්‍රව්‍ය ( ආහාර පිසීමට ගන්නා දර, ගස් වල කොළ, අතු, ගෙවත්තේ කැපූ තණකොළ ආදිය ) දහනයේදීත් නිකුත් වන්නේ බොහෝ විට සමාන සංයෝග. ඇතැම් විට මේවායින් දුම්පානයෙන් නිකුත් වනවාටත් වඩා හානිකර අපද්‍රව්‍ය නිකුත් වෙනවා. 


තවදමිලියන 3.8 ක් බෝනොවන රෝග මගින් මිනිසුන් අකල් මරණයට පත්වීමට ගෘහ ආශ්‍රීත වායු දුෂණය ඉතා සමීප සබඳතාවයක් පෙන්වන බව ලෝක සෞඛ්‍යය සංවිධානය පවසනවා.

එම රෝගනම්,

Ischeamic heart disease 

Stroke ආඝාත

COPD – Chronic Obstructive Pulmonary  Disease                           

Lung cancer පෙනහලු පිලිකා                                                                                                                                                                                                                                     

ඔබගේ නිවසේ / ගෙවත්තේ දහනයෙන් නිකුත් වන දුම ඔබගේ අසල් වැසියාට ආග්‍රහණය කරන්න සිදුවෙනවා කියන්නේ ඔබ ඔහුගේ ජීවිතයට හානි කරනවා කියන එකයි.




-

Tuesday, September 12, 2017

රජ ගෙදරින් සිරගෙදරට

                                                            රජ ගෙදරින් සිරගෙදරට
                                               
                                              යතත් නැතත් සිරගෙට මැතිඳුනි                      මහත                                                                                     කරමු වැඩි දියුණු යොදවා අත                           හිත
                                              යතොත් එ සිරගෙය ඉන්වන අවැඩ                  නැත
                                              ගියොත් නොයමි සිතූ තොපට වෙයි                 විපත

A cell in Kumla prison, Sweden’s most secure institution
A cell in Halden prison Norway

                                                                  An inmate - Halden prison Norway    

Sunday, April 26, 2015

සෝලා කිඩ්නි


සෝලා   කිඩ්නි
     
බොන්න පිරිසිදු වතුර නැති වීම අද අපේ රටේ සමහර ප්‍රදේශ වල බරපතල ප්‍රශ්නයක් වෙලා. ඒ නිසා පිරිසිදු වතුර තියන තැනකින් අරගෙන එන්න හරි, පිරිසිදු වතුර තියෙන තැනක ඉඳල නල යොදාගෙන වතුර ලබා ගන්න හරි, අපිරිසිදු වතුර පිරිසිදු කර ගෙන පාව්ච්චි කරන්න හරි සිද්ද වෙනවා.
     වතුරට බැර ලෝහ ( heavy metals - chromium, cobalt, nickel, copper, zinc, arsenic, selenium, silver, cadmium, antimony, mercury, thallium and lead එකතු වුනාම, ඒවා සාමාන්‍ය ජල පෙරනයකින් හොඳට පිරිසිදු කරගන්න බැහැ.  ඒ සඳහා  Reverse  Osmosis ( RO )  පෙරහන් යොදා ගැනෙනවා. මෙය තරමක් මිළ අධික තාක්ෂණයක්. ඒ වගේම මේ පෙරහන් වරින් වර මාරු කරන්නත් ඕනේ.
    වතුර පිරිසිදු කරන්න, සූර්ය ශක්තිය යොදා ගෙන වතුර ආසවනය ( distill ) කරන්න පුළුවන්. මෙයට යොදා ගන්නෙ සරල තාක්ෂණයක්. එනම් සූර්ය ශක්තියෙන් වතුර වාෂ්ප කරලා, ඒ වාෂ්ප ඝනීභවනය කරාම, ලැබෙන වතුර එකතු කර ගැනීම. නමුත් මේ ගැන අපේ රටේ අවධානය යොමු වෙලා නැහැ.

                                             



                                                                                                                                          Solar Water Distiller







                                                                                          

   
              L'ELIODOMESTICO
   

                                                                                                       

                                                                                  Solarball


           ආසවනය (distill ) කළ වතුර වලින් ඛනිජ ලවණ සහ බැර ලෝහ සම්පූර්ණයෙන්ම වාගේ ඉවත් වෙනවා. බැක්ටීරියා, වයිරස් සහ ක්ෂුද්‍ර ජීවීන් විනාශ වෙනවා. ශරීරයට අවශ්‍ය ඛනිජ ලවණ ආහාර මගින් ලැබෙන නිසා වතුර වල  ඛනිජ ලවණ නැති වීම ගැටලුවක් නොවන බවයි කියන්නේ. ඛනිජ ලවණ ඉවත් වුනාම වතුර වල රසය ( taste ) වෙනස් වීමක් නම් සිදු වෙනවා. 
     වතුර වල තිබෙන වාශ්පශීලී සංයෝග සහ වතුර වල තාපාංකයට පහල සහ ආසන්න තාපාංක තියන රසායනික සංයෝග, ආසවනය (distill )  කිරීමේදී නැවත වතුරට එකතු වෙනවා. කලෝරිනුත් මේ ක්‍රමයෙන් ඉවත් කරන්න බැහැ.
        මෙම තාක්ෂණය කිරින්දේ, අන්දරගස්යාය පැත්තේ ගෙදරක දැනටමත් පාවිච්චි කරන බව Practical Action  ආයතනය කියනවා. ඒ ගැන තොරතුරු පහත යොමුවෙන් කියවන්න පුළුවන්.

A remarkably simple water distiller provides drinking water for Sri Lankans - Practical Action

        මේ සම්බන්ධ තවත් තොරතරු පහත යොමු වලින් කියවන්න පුළුවන්

How the sun can turn salty water into drinking water

How a water distillation system solved water scarcity









Tuesday, April 21, 2015

මුළුතැන්ගෙයි මාරයා


මුළුතැන්ගෙයි  මාරයා


දර වලින් ආහාර පිසීමේදී ඇතිවන වායු දූෂණය හේතුවෙන් විශේෂයෙන් අපට අහර පිස දෙන මවු වරුන් සහ දියණියන්ද මුළුතැන්ගෙය අවට නිතර ගැවසෙන කුඩා දරුවන්ද රෝගී වෙති. අවාසනාවකට මේ සම්බන්ධ අවධානය අඩුය. ගෘහ ආශ්‍රිත වායු දූෂණය හේතුවෙන් වසරකට ශ්‍රී ලාංකිකයන් 17206 ක් මියයන බව එක්සත් ජාතීන්ගේ පදනම හා සම්බන්ධ Global Alliance for Clean Cookstoves පෙන්වා දෙනවා.

Global Alliance for Clean Cookstoves

Clean Cookstove





Sunday, April 19, 2015

ගෘහ ආශ්‍රිත වායු දූෂණය සහ සෞඛ්‍යය - ලෝක සෞඛ්‍යය සංවිධානය


ගෘහ ආශ්‍රිත වායු දූෂණය සහ සෞඛ්‍යය - ලෝක සෞඛ්‍යය සංවිධානය

ප්‍රධාන කරුණු

බිලියන 3 ක් පමණ මිනිසුන් ආහාර පිසීමට සහ නිවාස උණුසුම් කිරීමට අවිධිමත් සහ අකාර්යක්ෂම ලෙස ජෛවීය ඉන්ධන සහ අඟුරු භාවිතා කරති ( ජෛවීය ඉන්ධන - දර, සත්ව අපද්‍රව්‍ය, වගා බිම් වල අතුරුඵල ) 

මිලියන 4 ක් ඉක්මවූ මිනිසුන්ගේ අකල් මරණ හා ගෘහ ආශ්‍රිත වායු දුෂණය අතර ඇත්තේ ඉතා සමීප සම්බන්ධතාවයකි 

වයස අව්රුදු පහ නොඉක්මවූ දරුවන් නිවුමෝනියා තත්වයට ගොදුරුව අකල්ව මියයාමට, ගෘහ ආශ්‍රීත වායු දූෂණය හේතුවෙන් ඇතිවන ක්ෂුද්‍ර අංශු ( particulated matter ) ආශ්වාශ කිරීම 50% ක දායකත්වයක් දක්වයි

මිලියන 3.8 ක් බෝනොවන රෝග මගින් අකල් මරණයට පත්වීමට ගෘහ ආශ්‍රීත වායු දුෂණය ඉතා සමීප සබඳතාවයක් පෙන්වයි
ඒවා නම්
Stroke ආඝාතය 
Ischeamic heart disease 
COPD – Chronic Obstructive Pulmonary Disease 
Lung cancer පෙනහලු පිලිකා


ගෘහ ආශ්‍රිත වායු දුෂණය සහ බලශක්ති භාවිතය : අමතකවූ බිලියන 3

බිලියන 3 ක් පමණ මිනිසුන් ආහාර පිසීමට සහ නිවාස උණුසුම් කිරීමට ඝන ඉන්ධන ( දර, වගා බිම් වල අතුරුඵල, ගල්අඟුරු, අඟුරු සහ සත්ව අපද්‍රව්‍ය ) අවිධිමත්ව හා අකාර්යක්ෂමව දහනය කරති. බොහෝ දෙනා දිළිඳු වන අතර අඩු හා මධ්‍ය ආදායම් සහිත රටවල වෙසෙති.එවැනි අකාර්යක්ෂම ඉන්ධන සහ තාක්ෂණය, ඉතා ඉහළ ගෘහ ආශ්‍රිත වායු දූෂණයක් හා සෞඛ්‍යට හානිකර ක්ෂුද්‍ර අංශු ( soot particles ) ඇතුළු දූෂක ගණනාවක් නිකුත් කරයි. ක්ෂුද්‍ර අංශු පෙනහලු වල ඉතා ගැඹුරට ගමන් කරයි. වාතාශ්‍රය අඩු නිවාසවල ගෘහ අභ්‍යන්තර දුමෙහි අඩංගු ක්ෂුද්‍ර අංශු, නිර්දේශිත තත්වයන්ට වඩා 100 ගුණයකින් පමණ වැඩි විය හැකිය. විශේෂයෙන් උදුන ආශ්‍රීව වැඩි කාලයක් ගතකරන ස්ත්‍රීන් හා කුඩා දරුවන් වැඩි වශයෙන් නිරාවරණය වෙති.


සෞඛ්‍යයට සිදූවන අයහපත් ප්‍රතිඵල

වසරකට මිලියන 4.3 ක් මිනිසුන්ගේ අකල් මරණයට හේතුවන රෝගවලට ඉතා ආසන්න හේතුව නම් අකාර්යක්ෂම ඝන ඉන්ධන පරිභෝජනය නිසා ඇතිවන වායු දූෂණයයි. ( 2012 දත්ත ) 
12% Pneumonia නියුමෝනියාව 
34% Stroke ආඝාතය
26% Ischeamic heart disease 
22% COPD – Chronic Obstructive Pulmonary Disease
6% Lung cancer පෙනහලු පිලිකා

Pneumonia නියුමෝනියාව 
ගෘහ ආශ්‍රිත වායු දූෂණයට නිරාවරණය වන ළමුන් අතර නියුමෝනියාව ඇති වීමට ඇති අවදානම දෙගුණයකි. ඝන ඉන්ධන පරිභෝජනයෙන් සිදූවන ගෘහ ආශ්‍රිත වායු දූෂණය නිසා ඇතිවන ක්ෂුද්‍ර අංශු ( particulated matter ) ආග්‍රහණය, වයස 5 නොඉක්මවූ දරුවන් අතර acute lower respiratory infection ( ALRI ) නිසා ඇතිවන මරණ සංඛ්‍යාවෙන් හරි අඩකට හේතුවේ. (ලෝක සෞඛ්‍ය සංවිධානය 2014)

Stroke ආඝාතය 
ආසන්න වශයෙන් 25% ආඝාතය නිසා ඇතිවන අකල් මරණවලට ( මිලියන 1.4 පමන මරණ සිදූවන අතර එයින් 50% කාන්තාවන්ය ) ආසන්නම හේතුව ඝන ඉන්ධන භාවිතයෙන් ඇතිවන ගෘහස්ත වායු දූෂණයට දීර්ඝ කාලීනව නිරාවරණය වීමය.

COPD – Chronic Obstructive Pulmonary Diseas
1/3 ක් ඉක්මවු, COPD නිසා අඩු හා මධ්‍ය ආදායම් රට වල වැඩිහිටියන් අතර ඇතිවන අකල් මරණයන්, ගෘහස්ත වායු දූෂණයට නිරාවරණය වීම නිසා සිදුවේ. අධිකව ගෘහ අභ්‍යාන්තරයේ දුමට නිරාවරණය කාන්තාවන්අතර COPD ගොදුරුවීම, පිරිසිදු බලශක්ති භාවිතා කරන කාන්තාවන්ට වඩා 2.3 වාරයක් ඉහල අගයක් ගනී. පිරිමින් අතර ( දුම්බීම නිසා දැනටමත් COPD අවදානම ඉහල අගයක් ගන්නා ) ගෘහ අභ්‍යන්තර දුමට නිරාවරනය නිසා අවදානම ආසන්න වශයෙන් දෙගුණයකින් ඉහළ නංවයි. ( අගය 1.9 ) 

Lung cancer පෙනහලු පිලිකා 
වාර්ෂිකව පෙනහලු පිලිකා නිසා වැඩිහිටියන් අතර මරණ වලින් 17% කට දර, ගල් අඟුරු, අඟුරු වැනි ඝන ඉන්ධන භාවිතයෙන් ආහාර පිසීම නිසා ඇතිවන ගෘහ ආශ්‍රිත වායු දූෂණයයෙන් නිකුත් වන පිලිකා කාරක හේතුවේ ආහාර පිසීමේදී කාන්තාවන්ගේ දායකත්වය වැඩි බැවින් ඔවුන්ගේ අවදානමද ඉහල අගයක් ගනී.


වෙනත් අයහපත් ප්‍රතිඵල සහ අවදානම්

සරලව බලන විට, ක්ෂුද්‍ර අංශු සහ ගෘහස්ත දුමෙහි අඩංගු වෙනත් දූෂක, ආශ්වාශ ප්‍රශ්වාශ මාර්ගය ( air ways ) සහ පෙනහලු ආසාධන (inflame ) කරන අතර, ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර අසමතුලිත කීරීම (impairing immune response ) හා රුධීරයේ ඔක්සිජන් පරිවාහන ධාරිතාවය ( oxygen carrying capacity ) අඩු කරයි.
තවද අඩුබර උපත්, tuberculosis, ඇසේ සුද ( cataract ), nasopharyngeal සහ laryngeal පිලිකා සඳහා ගෘහ ආශ්‍රිත වායු දූෂණය හේතුවන බවට සාක්ෂි සොයාගෙන තිබේ.
Ischeamic heart disease සහ ආඝාතය මගින් සිදුවන මරණවලට අවදානම් සාධක ලෙස අධික රුධීර පීඩනය, සෞඛ්‍යය සම්පන්න නොවන ආහාර රටා
( unhealthy diet ), ශාරීරික ව්‍යායාම අඩුවීම සහ දුම් පානයද හේතුවේ.
දරුවන් අතර නියුමෝනියාව සඳහා, suboptimal brest feeding, අඩු බර සහ අක්‍රීය දුම් පානය ( second hand smoking ) තවත් හේතු අතර වේ.
පෙනහලු පිලිකා සහ COPD සඳහා සක්‍රීය සහ අක්‍රීය දුම්කොළ දුම් පානය ප්‍රධාන අවදානම් සාධක වේ.



සෞඛ්‍යය සමානාත්මතාවය ( health equity ), සංවර්ධනය සහ දේශගුණ වෙනස්වීම මත අයහපත් බලපෑම

සැලකිය යුතු තරම් ආකල්පමය වෙනස්කම් සිදු නොවුන හොත්,ඝන ඉන්ධන මත යැපෙන මුළු සංඛ්‍යව 2030 දක්වාම සැලකිය යුතු තරමකින් වෙනස් නොවේ
( ලෝක බැංකුව 2010 ). දූෂණය ඇති කරන ඉන්ධන, තිරසාර සංවර්ධනයක් සඳහා විශාල බාධාවක් ඇති කරයි.
ඉන්ධන එකතු කිරීමට ( දර එකතු කිරීමට ) කාන්තාවන්ගේ හා දරුවන්ගේ කාලය සැලකිය යුතු ප්‍රමාණයක් ගෙවී යන අතර, වෙනත් ඵල දායක කාර්යයන් ( නිදසුන් - ආදායම් ඉපයීම ) සඳහා වන අවස්ථාවන් සීමා වීමද දරුවන්ගේ පාසැල් ගමනට භාදා ඇති වීමද සිදුවේ.
Black carbon ( sooty particles ) සහ මෙතේන්, අකාර්යක්ෂමඋදුන් දහනයේදී නිකුත් වන අතර ඒවා බලවත් දේශගුණ වෙනස්කම් සිදු කරන දූෂක වේ.
අවම වශයෙන් මිනිසුන් බිලියන 1.2 කට වත් විදුලිබලය භාවිතයට අවස්ථාව නොමැති අතර ( ඔවුන්ගෙන් බොහෝ දෙනා එවිට ආලෝකය ලබා ගැනීමට භූමිතෙල් ලාම්පු භාවිතා කරති ) එමගින් ඔවුන්ට තවත් ආකාර සෞඛ්‍ය අවදානම් ඇති වේ. නිදසුන් - පිලිස්සීම, තුවාල වීම, ඉන්ධන ආමාශගතවී විෂවීම. එසේම ආලෝකය අවශ්‍ය වන අධ්‍යාපනය සහ වෘත්තීය යනාදියෙහිද බරපතල සීමා සහිත කම් ඇති වේ.


ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිචාරය

ලෝක සෞඛ්‍ය සංවිධානය නව ගෘහස්ථ ආහාර පිසීමේ තාක්ෂණික ක්‍රම මෙන්ම අවම විමෝචනයන් හා සෞඛ්‍යට උපරිම හිතකර ඉන්ධන සම්බන්ධ, තත්වයන්, අගයන්, පිළිබඳ ඉතා සුපරික්ෂාකාරීව, අධීක්ෂණය කරමින් පෙරමුණ ගෙන ක්‍රියා කරනවා. තවද ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකයේ රටවල් වලට ඔවුන්ගේ ස්වාධීන අධීක්ෂණයන්ට සහ සෞඛ්‍ය හිතකාමී උදුන් ප්‍රවර්ධනයට තාක්ෂණික සහය ලබා දෙනවා.


ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකරන තවත් ක්‍රියාකාරකම් පහත දැක්වේ


ගෘහස්ත ඉන්ධන දහනය සඳහා නව ගෘහ අභ්‍යන්තර වායු තත්ව නිර්දේශ
( air quality guidlines )

නිවාස තුල හා අවට සෞඛ්‍යට හිතකර වායු තත්ව පැවතීම තහවුරු කිරීමට, ගෘහස්ත ඉන්ධන දහනය සඳහා සෞඛ්‍ය පදනම් කරගත් සහතික කිරීම්ද, ඉන්ධන වල සහ උදුන් වල භාවිතය සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය නව වායු තත්ව නිර්දේශද සපයයි. එසේම සෞඛ්‍ය ආරක්ෂා කිරීමට අදාල ගෘහ බලශක්ති තාක්ෂණය ඵලදායී සහ උපායමාර්ගික ලෙස ප්‍රචාරණය කරයි.
ඉහත සඳහන් කල නිර්දේශ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෘහයන්ගෙන් පිටත පවතින වායු තත්ත්ව සම්බන්ධව පැවති නිර්දේශ මත පදනම්ව ගොඩනැගී ඇත. මෑතකදී පැහැදිලිව හා නිරවුල්ව හඳුනාගත් ගෘහ අභ්‍යන්තර දූෂක සම්බන්ධ නිර්දේශ ප්‍රචාරයට පත් කෙරුණි.



ගෘහ ආශ්‍රිත බලශක්ති දත්ත සංචිතය

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෘහ ආශ්‍රිත බලශක්ති දත්ත සංචිතය මගින් මිනිසුන් වඩාත් පිරිසිදු ඉන්ධන කෙරෙහි සහ වැඩිදියුණු කල උදුන් වලට පරිවර්තනය, ගෘහ ආශ්‍රිත බලශක්ති මගින් ඇතිවන සෞඛ්‍යමය පීඩාවන් නිශ්චිතවහඳුනා ගැනීම, සංවර්ධනය වෙමින් පවතින රටවලට බලශක්ති වෙත පිවිසීමේ හැකියාව, ගෝලීයව අධීක්ෂණය කෙරේ.


වැඩසටහන් අධීක්ෂණය සහ පරීක්ෂණ

ලෝක සෞඛ්‍ය සංවිධානය, රටවල්, පරීක්ෂකයන්, වෙනත් පාර්ශවයන් සමග වැඩ කරමින් නිර්ණායක සපයා, අධීක්ෂණ ක්‍රමවේද ගලපා සෞඛ්‍යට වන අයහපත් බලපෑම දීර්ඝ කාලීන සුපරික්ශාවට ලක්කරමින් අත්කරගන්නා/අත්කරගතහැකි සෞඛ්‍යමය ප්‍රතිලාභයන් නිගමනය කරයි.


සෞඛ්‍ය හා දේශගුණ වෙනස් වීම

ලෝක සෞඛ්‍ය සංවිධානය, CCAC ( Climate and Clean Air Coaliation ) හි කොටස් කරුවෙක්ව, කෙටි කාලීන ක්‍රියාකාරීත්වයක් සහිත දේශගුණය වෙනස් කරන දූෂක ( short lived climate pollutants ) අඩු කිරීමට ක්‍රියා කරයි. CCAC හි සෞඛ්‍ය කාර්ය බලකායෙහි සාමාජිකයෙකුව සිටිමින්, ලෝක සෞඛ්‍ය සංවිධානය, සෞඛ්‍යමය ප්‍රතිලාභ අත්කර ගැනීමටත්, කෙටි කාලීන ක්‍රියාකාරීත්වයක් සහිත දේශගුණය වෙනස් කරන දූෂක අඩු කිරීමට ක්‍රියාමාර්ග ගැනීමටත් තාක්ෂණික සහය ලබා දෙයි.තවද සෞඛ්‍ය සේවාවන්ට සම්බන්ධ අංශ වල සහභාගීත්වය ඉහල නංවා තත්වයෙන් උසස් වායු තත්වයන් පවත්වා ගැනීමට ක්‍රියාකාරීව වැඩකරයි.


සෞඛ්‍යය, බලශක්ති සහ තිරසාර සංවර්ධනය

ගෘහ අභ්‍යන්තර හා බාහිර වායු දූෂණය සහ බැඳුනු රෝග වල අඩු වීම, 2015 - පසු තිරසාර සංවර්ධන ඉලක්ක ( post - 2015 sustainable development goals ) සඳහා දර්ශකයක් ලෙස භාවිතකිරීමට යෝජනා කර ඇත.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ගේ, සියල්ලන්ට තිරසාර බලශක්ති
( Sustainable Energy for All ) - පිරිසිදු බලශක්ති සඳහා, විශ්වීය පිවිසීමට අදාල ප්‍රගතිය සමාලෝචනය සඳහා නිරීක්ෂණ කරමින් අදාල කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ව්‍යූහය සංවර්ධනය කිරීමට දායක විය. 
එක්සත් ජාතීන්ගේ පදනම පෙරමුණ ගෙන ක්‍රියා කරන Global Alliance for Clean Cook Stoves හි කොටස් කරුවෙකු ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ක්‍රියා කරයි, තවද එක්සත් ජාතීන් හා සම්බන්ධ ආයතන, දායකයන්,රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සංවිධාන සහ රාජ්‍ය අංශද මේ සමග සම්බන්ධ වී ඇත.
Global Alliance for Clean Cook Stoves, ඵලදායී ලෙස ගෘහ අභ්‍යන්තර වායු දූෂණය අඩු කල හැකි, වැඩි දියුණු කල ජෛවීය ඉන්ධන උදුන් සැලසුම් ප්‍රවර්ධනය කීරීම සිදු කරයි.


සහශ්‍ර සංවර්ධන ඉලක්ක ( Millennium Development Goals - MDG ) සඳහා සහයෝගය ලබා දීම

ගෘහස්ත වායු දූෂණය සම්බන්ධව කටයුතු කිරීමෙන් සහශ්‍ර සංවර්ධන ඉලක්ක
( MDG ) සාක්‍ෂාත් කර ගැනීමට සහය දීම.
( MDG 4 - ළමා මරණ අඩු කර ගැනීම ) ( MDG 5 - මාතෘ සෞඛ්‍ය දියුණු කීරීම )
කාන්තාවන්ට ආදායම් ඉපයීමට වැඩි කාලයක් ලැබීම මගින් අන්ත දුප්පත් බව සහ කුසගින්න මුලින් උපුටා දැමීම.
( MDG 3 - Gender equality ) (MDG 1 - අන්ත දුප්පත් බව සහ කුසගින්න මුලින් උපුටා දැමීම)
අවසාන වශයෙන් පිරිසිදු ගෘහස්ත බලශක්ති තිරසාර පරිසරයක් ඇති කිරීමට දායකවේ.
( MDG 7 - Ensure environmental sustainability ) 
ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්ෂිකව ආහාර පිසීමට ඝන ඉන්ධන භාවිතා කරන ජනයාගේ ප්‍රතිශතය, සෞඛ්‍ය සංවර්ධනය නිශ්චිතව ඇගයීමට, මූලික දර්ශකයක් ලෙස භාවිතා කරයි.


Translated from the English in Sinhala by Asiri Janaka